නිර්මාණය: කිටී රිටිග්

මෙම රූපය ඔග්මෙන්ටඩ් රියැලිටි (augmented reality) තාක්ෂණයෙන් සජීවකරණය ඇත. ඔබේ ස්මාර්ට් ජංගම දුරකතනයේ Artivive නොමිලේ බාගත කර ඔබේ කැමරාව රූපයට යොමු කරන්න.

නිවහන භෞතික ලෝකයේ පවතින්නක් පමණක් නොව ඒ මිනිස් සිතිවිලි වලින් ගොඩ නැගුණු ලෝකයෙහි ද පවතින්නකි. නූතනයේ ඒ අදහස මනාවට පසක් වෙමින් පවතී. එහෙයින් විය යුත්තේ පුද්ගලයෙකු තමන් හට ඇති සීමිත දෙයින් පවා නිවහනක්, සැනසීමක් සොයා ගැනීමයි. එය සොයා යන ගමනේදී  සමාජීයව හමුවන තැන් වල විවිධත්වය, හුදු අතපසු වීම් හෝ අඩුපාඩු ගැන පසුතැවෙමින් සිටීම නොව, සමස්තය අවබෝධ කර ගැනීම, නිවහන නම් සැනසීම කාලානුරූපීව වෙනස් වීම ආදිය තේරුම් ගැනීමෙන් කෙනෙකු තමන්ගේ සැබෑ සැනසීම ගැබ්ව ඇති දේවල් හඳුනාගනී. 

ඒ දේවල් එක්තැන් කොට ගැනීමෙන් තමන්ට ම ආවේණික වූ නිධානයක් තමන් විසින්ම ගොඩනගාගනී. නමුත් පුද්ගලානුරූපීව ගොඩනගන තමන්ටම ආවේනික මෙම නිධානය වෙනෙකෙකුට නිධානයක් නොවන්නට පුළුවන. එහෙයින් අනෙකෙකුගේ නිධානය සමග එකිනෙක සැසඳීම නොව තම සැනසීම සොයා යාම වැදගත් වේ. 

මෙම කලා කෘතිය විවිධ පුද්ගලයන් විසින් ගොඩනගාගත් සැනසීමේ නිධානයන් මුල් කරගනිමින්, ඔවුන් විසින් ගොඩ නගන ලෝකය සෞන්දර්යාත්මකව ප්‍රතිනිර්මාණය කරයි. එය නරඹන්නා තමන්ට නුපුරුදු වෙනත් පුද්ගලයන් ගේ නිධාන සතු සෞන්දර්යාත්මක රසයන් එක් තැනකට එක් කිරීම හා ඉන් රසවිඳීමක් ඇති කිරීමට ගත් උත්සාහයක් ලෙස මෙම කලා කෘතිය හැඳින්විය හැකිය.

.

This exhibit was supported by Historical Dialogue.lk, an initiative of the programme Strengthening Reconciliation Processes in Sri Lanka (SRP). SRP is co-financed by the European Union and the German Federal Foreign Office and implemented by Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH and the British Council.